header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
හොරණ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු
Apr 07, 202404:32 PM
හොරණ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු
Mobitel 1278

අද (07) දහවල් හොරණ මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවී තිබේ.

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කරමින් මෝටර් රථයකින් හඹා ආ කණ්ඩායමක් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇතැයි මොරගහහේන පොලීසිය පැවසීය.

වෙඩි වැදී ඝාතනයට ලක්වූ පුද්ගලයන් දෙදෙනාට රත්නපුර මාරපන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකෑම සම්බන්ධයෙන් පවතින නඩුවක ඇප කොන්දේසියකට අනුව සෑම ඉරු දිනකම රත්නපුර පොලීසියේ පෙනී සිට අත්සන් කිරීමට නියමිතව තිබුණි.

එබැවින් එලෙස රත්නපුර පොලීසියේ අත්සන් කර නැවත නිවෙස් බලා යමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වී ඇති බවද පොලීසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ පන්නිපිටිය හිරිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රූපසිංහ ආරච්චිගේ නයනානන්ද පෙරේරා නමැති 52 හැවිරිදි පුස්ගලයෙක් සහ පිළියන්දල සිද්දමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වසන්ත පෙරේරා නම් 50 හැවිරිදි අයෙකි.

වෙඩිතැබීම සඳහා මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවත් උණ්ඩ 13ක කොටස් අදාළ ස්ථානයේ තිබී හමුවූ බවත් වාර්තා වෙයි.

ත්‍රීරෝද රථයෙහි පිටුපස ගමන් කළ පුද්ගලයා රෝහලට රැගෙන යන අතරමගදී මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ත්‍රීරෝද රථය ධාවනය කළ පුද්ගලයාගේ ශරීරයේ තිබී උණ්ඩ 03ක් හමුවූ බවත් මොරගහහේන පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

එසේම වෙඩික්කරු ඇතුළු පිරිස වෙඩිතැබීමට යොදාගත් මෝටර් රථයෙන් රත්නපුර සිටම ත්‍රීරෝද රථය පසුපස පැමිණ ඇතැයි සැක කරයි.

වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරු රැගත් මෝටර් රථය තල්ගහවිල දෙසට ගොස් පාදුක්ක දෙසට ගමන් කර තිබේ.

මෙම ඝාතනය ඩුබායිහි සැඟව සිටින ජයකොඩිගේ තනුජ සම්පත් නොහොත් හෝමාගම "හඳයා" නමැති සංවිධානාත්මක අපරාධකරු විසින් ලබාදුන් ඝාතන කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවටත් තොරතුරු වාර්තාවී ඇතැයි ද පොලීසියේ උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

සිද්ධියවූ ස්ථානයට පැමිණි කළුතර පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය,මොරගහහේන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය සහ පොලිස් කණ්ඩායම් 06ක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල