කන්දකාඩු සිද්ධිය සෙවීමට පංච පුද්ගල කමිටුවක්

කන්දකාඩු සිද්ධිය සෙවීමට පංච පුද්ගල කමිටුවක්

January 16, 2024   03:20 pm

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් පළායාමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

ඒ, අදාළ සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා ය.

අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එම පංච පුද්ගල පරීක්ෂණ කමිටුව පත්කර ඇත.

එහි සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා මහතා පත්කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ හා නිර්දේශය ඇතුළත් වාර්තාව සති 03ක් ඇතුළත තමන් වෙත ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් පංච පුද්ගල කමිටුවට උපදෙස් ලබාදී ඇත.

පංච පුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයන් වනුයේ,
එම්.එස්.පී. සූරියාප්පෙරුම
අතිරේක ලේකම් (පාලන හා පොලිස්) මහජන ආරක්ෂක අමාත්‍යාංශය 

ආර්.එස්. හපු ගස්වත්ත
අතිරේක ලේකම් (පාලන ) අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

පියුමන්ති පීරීස්
අතිරේක ලේකම් (නීති) අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

ඩී. එම් සමන් දිසානායක
අතිරේක ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය