අද සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුකරයි

අද සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩුකරයි

October 9, 2024   07:17 pm

ත්‍රිරෝද රථ සඳහා අය කරන ගාස්තුව අද (09) සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ. 

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී ජීවින්ද කීර්තිරත්න මහතා ඒ බව පැවසීය. 

"ඒ අනුව අද සිට දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 5 කින් ගාස්තු අඩුකරන්න තීරණය කළා. ඒ අනුව පළමු කිලෝමීටරය රුපියල් 100ක් සහ දෙවෙනි කිලෝමීටරය රුපියල් 85 බවට පත්වෙනවා. ඒ අනුව බස්නාහිර පළාත තුළ එලෙස ගාස්තු නියාමනය කෙරෙනවා. සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නියමිත මුදලට වඩා ගෙවා සේවාවන් ලබාගන්න එපා කියලා."