ඉන්දියාවෙන් ලංකාවට ලකුණු 173ක ඉලක්කයක්

ඉන්දියාවෙන් ලංකාවට ලකුණු 173ක ඉලක්කයක්

October 9, 2024   09:11 pm

කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තුන්වැනි තරගය ඉන්දියාව සමග මේ වනවිට පැවැත්වෙයි. 

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දිය නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ඉන්දීය කණ්ඩායම ලකුණු 172ක් රැස් කළාය.

තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවී ඇති ඉලක්කය ලකුණු 173කි.