විදුලි බිල ගැන රජයෙන් තීරණයක්

විදුලි බිල ගැන රජයෙන් තීරණයක්

December 19, 2023   01:08 pm

ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව විදුලි බිල සංශෝධනයේදී වැඩිකළ ගාස්තු ප්‍රමාණය අඩුකළ හැකි බව විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බව වාර්තාවෙයි.

වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් උපරිම ධාරිතාවයෙන් ජල විදුලිබලාගාර ක්‍රියාත්මක වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.