header logo
SLIC
විශේෂාංග
IMF, වැට් සහ ජනතාව
Dec 13, 202303:20 PM
IMF, වැට් සහ ජනතාව
EDEX

ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය සාර්ථකව නිම කළ බව අද (13) උදෑසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය.

ඒ සමගම ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 337ක් ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලැබෙයි.

IMF නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීම, ආදායම ඉහළ නැංවීම, විදෙස් සංචිත ප්‍රතිස්ථාපනය කිරීම, උද්ධමනය අඩුකිරීම යන කාර්යයන් සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රසංසනීය දායකත්වයක් ලබාදී ඇති බවය.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ තමා එම ප්‍රවෘත්තිය ගැන සතුටු වන බවය.

එහෙත් ඉදිරිය තවත් අභියෝගාත්මක බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

"මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොලොත් රටක්. කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ... නායකයෝ කිසි කෙනෙක්ට රට භාරගන්න ධෛර්යයක් තිබුණේ නෑ..."

ජනාධිපතිවරයා එම වාග් ප්‍රහාරය එල්ල කළේ විපක්ෂ නායකයා ඉල්ලක්ක කර බව පැහැදිලිය.

කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි යටතේ ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවේ ආර්ථිකය හසුරුවන රජයට සහ බලධාරීන්ට සිදුවී තිබේ.

ඒ හේතුවෙන් රජය සිය ආදායම වැඩි කරගැනීමට විවිධ බරපතළ ආර්ථික තීරණ ක්‍රියාවට නගමින් සිටියි.

ඊට ආසන්නම තීරණය වන්නේ වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීමය.

මෙම තීරණය 2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව සියලු ජංගම දුරකථන, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍රසූත්‍ර සහ ගිලන් රථ ආනයනය සඳහාත් වැට් බද්ද පැනවෙයි.

රසායනික පොහොර හා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, ගෘහස්ථ සූර්ය බල පද්ධති, දේශීයව නිෂ්පාදනය කරන සීනි, ස්වර්ණාභාරණ, මෘදුකාංග, ෆාම් ඔයිල්, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල් හා දියර කිරි වැට් බදු අදාළ වන නව භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර තිබුණි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද දෙරණ "Big Focus" වැඩසටහන සමග එක්වෙමින් පැවසුවේ වැට් මගින් එකතුකර ගන්නා ආදායම, බදු ආදායමෙන් 40%ක් පමණ වෙතැයි අපේක්ෂා කරන බවය.

එහෙත් ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ වැට් වැඩිකිරීම හේතුවෙන් උද්ධමනය 2.5%කින් පමණ වැඩි වීමට ඉඩ ඇති බවත් දුප්පත් ජනතාව තවත් ආර්ථිකමය වශයෙන් දුර්වල විය හැකි බවත් ය.

විශේෂයෙන්ම රට තුළ පවතින යම් යම් කර්මාන්ත සහ ව්‍යාපාර ද තවත් අර්බුදවලට ලක්විය හැකි බවත් සඳහන් වෙයි.

නිෂ්පාදන ආර්ථිකයක් කරා ගොස්, රටේ සම්පත් වර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමුකර එමගින් සංචිත වැඩිකරගෙන ඉදිරියට යාම යහපත් ආර්ථික වර්ධනයක් සඳහා වැදගත් බව පිළිගත් මතයකි.

නමුත් 1948 දී ඉංග්‍රීසි පාලනයෙන් නිදහස ලැබූ ශ්‍රී ලංකාව තවමත් ආර්ථික වශයෙන් නැගී සිටීමට අපොහොසත් ව තිබීමට වගකිව යුත්තේ කවුද ?

ඊට අඩුවැඩි වශයෙන් පාලකයින්, නිලධාරීන් සහ ජනතාව වගකිව යුතුය. ශ්‍රී ලාංකිකයා ණයට කන්න සමත් ජාතියක් වී ඇති බව අපිම කියා ගනිති.

අඟහරුවාදා (12) අද දෙරණ "වාද පිටිය" වැඩසටහන සමග එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ, "මේ ආණ්ඩුවට රටේ ජනතාව අදාළ නෑ. ඔවුන් සිය තීරණ සඳහා ඕනෑම බොරුවක් කියනවා. කෲර පාලනයක්."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට