යාපනයේ දී යකා නැටූ තවත් 3ක් අත්අඩංගුවට

යාපනයේ දී යකා නැටූ තවත් 3ක් අත්අඩංගුවට

July 3, 2023   06:59 am

අච්චුවේලී ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකුට පහරදී තුවාල සිදුකර රාජකාරීයට බාධාකිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණුපොත ඔස්සේ තරුණියකගේ ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීමේ සිද්ධියක් මුල්කොට ගෙන පසුගිය 28 වන දින අච්චුවේලි නිර්වේලී ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පිරිසක් නිවසකට ඇතුළු වී එහි නිවැසියන්ට සහ දේපළවලට හානි සිදුකර තිබුණි.

අදාළ සිද්ධිය පාලනය කිරීම සඳහා එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකුට ද ඔවුන් විසින් පහරදී තුවාල සිදුකර රාජකාරියට බාධා එල්ල කිරීම සම්බන්ධයෙන් අච්චුවේලී පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව ඊට අදාළ සැකකරුවන් 6දෙනෙකු සහ සැකකාරියන් 25දෙනෙකු පසුගිය 29 වන දින අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද සැකකාරියන් ඇප මත නිදහස් කිරීමට ද මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව තවත් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (02) දිනයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අද (03)  දින මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.