කොළඹ සමාජ ශාලාවේ ගැටුම සම්බන්ධව සැකකරුවන් හඳුනා ගනියි

කොළඹ සමාජ ශාලාවේ ගැටුම සම්බන්ධව සැකකරුවන් හඳුනා ගනියි

March 23, 2025   02:34 pm

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් විසින් ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සිදුකර තිබුණි. 

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බවත් පොලීසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

එමෙන්ම මෙම සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවය.