යාපනයෙන් ඇල්ලූ රුපියල් මිලියන 17 කේරල ගංජා තොගය

යාපනයෙන් ඇල්ලූ රුපියල් මිලියන 17 කේරල ගංජා තොගය

March 23, 2025   01:08 pm

යාපනය, කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේදී යුද හමුදා බුද්ධි අංශය සහ මරදන්කේණි පොලීසිය සමග සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් මිලියන 17ක් පමණ වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් අත්අඩංගුයට ගෙන තිබේ.

යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මරදන්කේණි පොලීසිය සමග අදාළ වැටලීම සිදුකර තිබුණි.

ආලියාවේලි වෙරළ තීරයේදී නීති විරෝධීව ප්‍රවාහනය කරන ලද මෙම කේරල ගංජා තොගය කිලෝග්‍රෑම් 85ක් පමණ වන පාර්සල් 40කින් සමත්විත වී තිබේ.

සිද්ධිය සම්බන්දව ඉදිරි විමර්ශන කටයුතු මරදන්කේණි පොලීසිය විසින් සිදුකරති.