මුහුදේ ගසාගෙන ගිය සාමණේර හිමිනමක් බේරාගනී

මුහුදේ ගසාගෙන ගිය සාමණේර හිමිනමක් බේරාගනී

April 11, 2023   02:49 pm

මොරගල්ල මුහුදේ දියනෑමට ගොස් රළපහරට හසුව ගසාගෙන යමින් සිටී සාමණේර හිමිනමක් බේරාගෙන තිබේ.

කළුවාමෝදර සහ අලුත්ගම ජීවිත ආරක්ෂක කණ්ඩායමේ තරුණයින් පිරිසක් විසින් සාමණේර හිමිනමව බේරාගෙන තිබුණි.

මෙසේ දිවි ගලවාගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන වයස අවුරුදු 12ක පමණ සාමණේර හිමිනමකි.

එම සාමණේර හිමිනම තවත් සාමණේර හිමිවරුන් කිහිපදෙනෙකු සමග මොරගල්ල මෝය ආසන්න මුහුදු වෙරළෙ දියනාමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.

මුහුදු රළ පහරට හසුවී ගසාගෙන යමින් සිටි සාමණේර හිමිනම ගල්පරයක ද වැදී තුවාල සිදුවී ඇති බවද වාර්තා වෙයි.