TikTokවලට තවත් ප්‍රශ්නයක්
සයුරෙන් එතෙර

TikTokවලට තවත් ප්‍රශ්නයක්

October 9, 2024   05:27 pm

අමෙරිකාවේ ප්‍රාන්ත 14ක නීති නිලධාරීන් පිරිසක් TikTok යෙදවුමට එරෙහිව චෝදනා ගොනු කරමින් නඩු මගට අවතීර්ණ වී තිබේ.

ඒ, ටික්ටොක් විසින් තරුණ පරිශීලකයින් ඇබ්බැහි කරවන විශේෂාංග භාවිත කරන බව හා පසුව ඔවුන්ගේ මනසට හානි කර ඔවුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන බවට චෝදනා කරමිනි.

ටික්ටොක් යෙදවුම හිතාමතාම ළමයින් ඉලක්ක කරන බවත් අදාළ චෝදනාවල දැක්වෙයි.