ගෑස් පිපිරීමකින් 16ක් මරුට
සයුරෙන් එතෙර

ගෑස් පිපිරීමකින් 16ක් මරුට

January 26, 2023   09:57 am

පාකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීමකින් සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිවසක ගෑස් කාන්දුවීමකින් පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියගිය පුද්ගලයින් අතර කුඩා ළමුන් සිව්දෙනෙකු ද සිටින බව සඳහන්ය.

පසුගිය සතිය තුළ ද බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් පුද්ගලයින් මියයාමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබුණි.