ගප්ටිල්ට පාකිස්ථාන සංචාරය අහිමි වෙයි

ගප්ටිල්ට පාකිස්ථාන සංචාරය අහිමි වෙයි

October 19, 2018   03:39 pm

ආබාධයකට ලක්වීම හේතුවෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල් හට පාකිස්ථාන තරග සංචාරය අහිමි වී තිබේ.

ඔක්ලන්ඩ් හි පැවැති පුහුණුවිම් අතරතුර ගප්ටිල් ආබාධයකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් සති 04ක පමණ කාලයක් ඔහුට විවේක ගැනිමට සිදුව ඇති බව වාර්තා වෙයි.

නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරඟාවලිය ලබන 31 වනදා ආරම්භ වන අතර 20 යි 20 තරඟ  තුනකින්, එක්දින තරඟ තුනකින් සහ ටෙස්ට් තරඟ තුනකින් තරඟාවලිය සමන්විතය.