ඇඳිරි නීතිය කාල සීමාවේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වාහන නැවතුම් ගස්තු අය නොකරයි

ඇඳිරි නීතිය කාල සීමාවේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වාහන නැවතුම් ගස්තු අය නොකරයි

April 16, 2020   08:19 pm

ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කොළඹ මහ නගර සභාව මඟින් පාලනය වන මාර්ගයන්හි වාහන නැවතුම් ගස්තු අයකිරීම සඳහා කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට කොළඹ මහ නගර සභාව බලය පවරා නොමැති බව නිවේදනයන් නිකුත් කර ඇත.

එබැවින් එස කාලය තුළ මෙම මාර්ගයන්හි වාහන නවතා තැබීම වෙනුවෙන් ගාස්තු ගෙවීමෙන් වළකින ලෙස මහජනතාව වෙත දැනුම් දී තිබේ.

මෙය වාහන නැවතුම් ගාස්තු ගෙවීම මීටර් යොදවා ඇති බිළිබඳ පැහැදිලි කිරීම් අවශ්‍ය නම්, 077 1093127 යන දුරකථ අංකය අැමති යහැකිය.