ජනපතිගේ IMF අභියෝගයට සජබයෙන් ප්‍රතිචාර

ජනපතිගේ IMF අභියෝගයට සජබයෙන් ප්‍රතිචාර

August 27, 2024   04:00 pm

ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

අද (27) නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව නිවේදනය කළේය.

එහි සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, යෝජනා සහ කොන්දෙසි ලෙස රටේ ජනතාව පීඩනයට පත් කරනු ලබන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියා පිළිවෙත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැබෑ අදහස නොවන බවය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ගිවිසුම් සහ එයට අදාළ අනෙකුත් කරුණු පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විඩියෝ සාකච්ඡාවකට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවත් එම සාකච්ඡාවට සමගි ජන බලවේගය ඇතුළු පාර්ශ්ව වලට සම්බන්ධ වී අදහස් දැක්විය හැකි බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

රටේ ආර්ථික අර්බුදය හමුවේ රට බංකොලොත් ලෙස ප්‍රකාශ කිරීමට පෙර, පළමුවෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු යැයි ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ලංකාවට පැමිණි සෑම අවස්ථාවකම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුව මුණගැසි සාකච්ඡා කර ඇති බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර තිබේ.

ඒ සෑම අවස්ථාවකදීම සාමාන්‍ය ජනතාගේ ජීවිතයට බලපාන කොන්දෙසි වෙතොත් ඒවා සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ බවත් ඔහු පවසා ඇත.

එබැවින් ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට සිය පක්ෂය සූදානම් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.   

එම සම්පූර්ණ නිවේදනය පහතින්,