ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ගැන විශේෂ දැනුම්දීමක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ගැන විශේෂ දැනුම්දීමක්

August 27, 2024   03:37 pm

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව 2024.08.26 දින සිට 2024.09.13 දින මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම කාලය කිසිසේත්ම දීර්ඝ නොකරන බවය.

තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන 2024 ඡන්දහිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

ඊට අමතරව අවශ්‍ය වන තොරතුරු ලබාගැනීම සඳහා 2024 ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දහිමි නාමලේඛන පහත සඳහන් ස්ථානවලදී ද ප්‍රදර්ශනය කෙරේ.

ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය
ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාලය
ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල (එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් නාමලේඛන)  

වැඩි විස්තර පහතින් දැක්වෙයි,