කඩු 8ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

කඩු 8ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

May 7, 2019   02:23 pm

රත්ගම, රත්නඋදාගම සහ කිරිකඳුරුවත්ත ප්‍රදේශයේ රත්ගම පොලිස් නිලධාරීන් කළ සෝදිසියකදී නිවාස කිහිපයක තිබී කඩු 08 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රත්ගම, රත්නඋදාගම සහ කිරිකඳුරුවත්ත ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම කඩු තොගය සොය ගෙන ඇති බව රත්ගම පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයින් ප්‍රදේශයේ විවිධ අපරාධ සඳහා මෙම කඩු භාවිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බව වර්තා වෙයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අද(07) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරීමට නියමිත තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විර්ශන රත්ගම පොලීසිය විසින් සිදු කරයි.