ලැබුණු අවස්ථාවෙන් යන තැන තීරණය කරන්න -දිලිත්

ලැබුණු අවස්ථාවෙන් යන තැන තීරණය කරන්න -දිලිත්

September 10, 2024   09:16 am

ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ කිසිවක් ප්‍රායෝගික නොවන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රටට ගැලපෙන නිසි වැඩපිළිවෙලක් සහිත එකම ප්‍රතිපත්ති ප්‍රකාශය සර්වජන බලයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පමණක් බවය.

ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ව්‍යසායක දිලිත් ජයවීර මහතා මෙම අදහස් පළ කළේය.

"මට ඔබට කියන්න තියෙන්නේ, ඔය ආපු 4 දෙනාම වෙනසක් කරන්නේ නෑ. ඔබේ ජීවිතේ 22 උදේ නැගිටිනකොට ඔබ ඉන්නේ, මේ ලන්තයේමයි. අන්න ඒ නිසා ඔබ තීරණය කරන්න. මේ ලැබුණු අවස්ථාවෙන් යම ලෝකයට යනවා ද? තුන්වෙනි ලෝකයේ ඉන්නවා ද? එහෙම නැත්නම් අපි දියුණු ලෝකයක් දෙසට පියමං කරනවා ද? සතුටු දැයක් නිර්මාණය කරගන්නවා ද? නැත්නම් වෛරය ක්‍රෝධය, නරක හැඟීම් පිරුණු රටක ඉන්නවා ද? ගෙවල් ගිනි තියන රටක ඉන්නවා ද? ගෙදර ගිනි නිවෙන රටක ඉන්නවා ද? කියලා ඔබටයි තීරණය කරන්න පුළුවන්. මේ ආදරණීය ශ්‍රී ලංකාව රැකගෙන සතුටු දැයක් නිර්මාණය කරගෙන ඔබේ අනාගතයේ ඉපදීමට නියමිත නූපන් දරුවාටත් මේ ශ්‍රී ලංකාවේ පහස ලබාදෙන්න ට, ඒ අපේ අවුරුදු දහස් ගණනාවක් රැගෙන ආව සභ්‍යත්වය උරුමය ලබාදෙන්නට අවස්ථාව ලැබී ඇත්තේ ඔබටයි. ඒ නිසා තීරණාත්මක 21 වනදා තරුව ඉදිරියෙන් කතිරය ගහන්න."