තාමත් මදි...දැන් වැටෙන්න බෑ -ජනපති

තාමත් මදි...දැන් වැටෙන්න බෑ -ජනපති

September 17, 2024   08:10 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මේ දක්වාත් අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා කර නොමැති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අම්පාර ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

"හැමෝම බෑ කිව්ව වෙලාවේ අපි එකතු වෙලා රට වෙනස් කරා. අපිට මේක දරාගන්න බැරිවුණ නිසා දේශපාලන පක්ෂ පැත්තකට දාලා අපි එකතු වුණා. මොකද සියලුදෙනාම ජීවත් කරවන්න. අපි එකතුවෙලා මේ රට දියුණු කළා. රුපියල ශක්තිමත් වුණා. බඩුමිල ක්‍රමානුකූලව අඩු වුණා. තාමත් මදි. අපිට තව පියවර ගන්න තියෙනවා. අපි භාගයක් දුරට වඩා ඇවිත් තියෙනවා. ඒක කරන්නයි මම විශේෂයෙන්ම ක්‍රියාකරන්නේ, දැන් වැටෙන්න බෑ. ඒකට තමා වරම ඉල්ලන්නේ. සජිත් මොනවද කියන්නේ ? අනුර කිව්වා මං එක්ක විවාදයකට එන්න කියලා. තාම ආවේ නෑ. එයාලා කියනවා IMF ගිහින් අනුමැතිය ගන්නවා කියලා. IMF අනුමැතිය නැතුව මේක ගන්න බෑ. අද වෙනකල් මං හොයලා බැලුවා එයාලා IMF කතා කරලා නෑ. මෙතනට ඇවිත් කතා කරනවා විතරයි. රට ආපහු ඒ තත්ත්වයට යන්න දෙන්න එපා. හොඳ අනාගතයක් වෙනුවෙන් සැප්තැම්බර් 21 ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරේ ගහන්න."