පුරුද්දට කරන හොරකම - කතක් අත්අඩංගුවට

පුරුද්දට කරන හොරකම - කතක් අත්අඩංගුවට

September 10, 2024   10:17 am

රන් භාණ්ඩ සහ දේපොළ සොරකම් කිරීම් රැසකට සම්බන්ධ කාන්තාවක් හෙරොයින් සමඟ රත්මලාන ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකාරිය අත්ඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකාරිය ගෘහ සේවිකාවක් ලෙස සේවයේ යෙදෙන බවට පුවත්පත්වල දැන්වීම් පළකර නිවෙස්වල ගෘහ සේවයට ගොස් එම නිවෙස්වල රන්භාණ්ඩ සහ දේපොළ සොරකම් කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

ඇය දෙහිවල, හොරණ සහ මිරිහාන පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති රන්භාණ්ඩ සහ දේපොළ සොරකම් කිරීමේ අපරාධ කිහිපයකට අවශ්‍යව සිටි සැකකාරියක බව පොලීසිය පවසයි.

සැකකාරිය විසින් සොරකම් කරන ලද රන් වළලු 2ක්, රන්මාල 2ක්, රන් පෙන්ඩනයක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ගල්කිස්ස පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙයි.