ත්‍රිරෝද රථයක තිබී බිළිඳු මළ සිරුරක් හමුවෙයි

ත්‍රිරෝද රථයක තිබී බිළිඳු මළ සිරුරක් හමුවෙයි

September 10, 2024   10:33 am

ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොහොර උරය දමා තිබු බිළිඳු සිරුරක් හමු ව තිබේ.

ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ ඩි. එල් කොටසේ වතු නිවාස පේළියක් අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයකින් දැඩි දුගන්ධයක් හමන බවට එම ත්‍රිරෝද රථයේ රියදුරාගේ මව ඒ පිළිබඳව සොයා බැලිමේදී ත්‍රිරෝද රථයේ පිටුපස තිබි මෙම බිළිඳු සිරුර සොයාගෙන ඇත.

ත්‍රිරෝද රථයේ රියදුරා එම වතුයායේම පදිංචිකරුවෙකු බවත්, ඔහු ත්‍රිරෝද රථයෙන් කුලි රථ ගමනක් ගොස් ආපසු අද (10) උදැසන නිවසට පැමිණ ත්‍රිරෝද රථය ගාල් කර ඇති බව දැනට කරන ලද මුලික විමර්ෂණවලදි අනාවරණය වී ඇති බව ආගරපතන පොලීසියේ නිලධාරියා කියා සිටියේය.

බිළිඳු සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව ආගරපතන පොලීසියේ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.