ක්‍රීඩා පිටිය
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්
කුසල් හා පැතුම්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
බංග්ලාදේශයට අමිහිරි පරාජයක් - තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) වසර 6කට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කළේය.
බංග්ලාදේශයට ලකුණු 286ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (08) පැවැත්වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබේ.
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
කුසල් මෙන්ඩිස් සිය 06 වන එක්දින ශතකය වාර්තා කර තිබේ.
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත් වෙයි.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ අවසන් එක්දින තරගය අද
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි.
ජුනි මාසයේ ක්‍රීඩකයින්ගේ නම් අතරට පැතුම් නිස්සංකත්
ජුනි මාසයේ ICCයේ ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබේ.
ලෝක වාර්තාව පෙනි පෙනී නැවතුණු වියාන් මුල්ඩර්
බ්‍රයන් ලාරා තබා තිබූ 'පිතිකරුවකු ටෙස්ට් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු වාර්තාව' ආසන්නයට පැමිණීමට දකුණු අප්‍රිකානු පිතිකරු වියාන් මුල්ඩර් අද (07) සමත් වුණි.
ICC ප්‍රධාන විධායක තනතුරත් ඉන්දියානුවෙකුට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී. සංජෝග් ගුප්තා දැනට ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනු ලබයි.
අපේ සංගාත් ඉන්න වාර්තාවක් අතරට ආ ගිල්
එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 336ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (6) සමත් විය.
පොලොක්ගේ වාර්තාවක් වනිඳුගේ නමින් ලියවෙයි
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෝන් පොලොක්ගේ නමට වසර ගණනාවකට පෙර ලියවී තිබූ වාර්තාවක් තමන් සතු කරගැනීමට වනිඳු හසරංග සමත් විය.
බංග්ලාදේශයට තියුණු ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද (05) සමත්වුණි.
ශ්‍රී ලංකාවට ලකුණු 249ක ඉලක්කයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
බංග්ලාදේශය අද ගෞරවය බේරාගැනීමේ සටනක
ශ්‍රී ලංකාව හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (5) පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතය.
UAE හමුවේ ශ්‍රී ලංකාවට රග්බි පරාජයක්
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද පැවති, රග්බි ලෝක කුසලානය සඳහා ආසියානු කලාපයෙන් සුදුස්සන් තෝරා ගැනීමේ තරගය ලකුණු 29 - 21 ලෙසින් ජයග්‍රහණය කිරීමට එක්සත් අරාබි එමීර් පිල සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරළිකාර ජයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක පෙරළිකාර ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (2) සමත් විය.
චරිත්ගෙන් අතිවිශිෂ්ට ශතකයක්
ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මීට සුළු වේලාවකට පෙර සමත් විය.
ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් හි පැතුම්ගෙන් ලොකු පිම්මක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමහි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 17වන ස්ථානයට පැමිණ ඇත.
ඉන්දීය ක්‍රිකට් වාර්තා පොත මන්දනා අලුතින් ලියයි
ඉන්දියාව වෙනුවෙන් ආකෘති ත්‍රිත්වය යටතේම ශතක කළ පළමු හා එකම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට ආරම්භක පිතිකාරිනි ස්මිර්ති මන්දනා අද (28) වාර්තා පොත් අලුත් කළාය.
ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.
ශ්‍රී ලංකාව ඉනිමක ජයක් පෙනෙන මානයේ
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ පිල අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි. අද දිනයට තරගය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ පිල කඩුළු 6ක් දැවී ලකුණු 115ක් ලබා දැඩි අසීරු අඩියකට පත්ව සිටියේය.
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙන්න
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (27) දින නම් කර තිබේ. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වේ.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 458න් නවතියි
බංග්ලාදේශයට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලවකට පෙර සියලු දෙනා දැවී ලකුණු 458ක් රැස්කිරීමට සමත් විය.
පැතුම් 150 පසුකරයි
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.
ඔසී ඉන්න ඉන්දියානුවන්ගේ ක්‍රිකට් උමතුව
ඉන්දීය කණ්ඩායම සිදුකිරීමට නියමිත ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ, එක්දින තරගයක හා විස්සයි20 තරගයක ප්‍රවේශපත් දැනටමත් අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කිසිදා දැවී නොගිය කඩඉමක දැවී ගිය චන්දි
බංග්ලාදේශයට එරෙහිව කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකිරීමට දිනේෂ් චන්දිමාල් සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ දේශයට
එක්දින තරග 2ක් හා විස්සයි20 තරග 3ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගොස්තු මස සිම්බාබ්වේ සංචාරයක නිතරවීමට නියමිතය.
පැතුම් 4වන ටෙස්ට් ශතකය රැස්කරයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 4වන ශතකය රැස්කිරීමට පැතුම් නිස්සංක අද (26) සමත් විය.
බංග්ලාදේශය ලකුණු 247කට දැවී යයි
ඊයේ දින තරගය නතර කරන විට බංග්ලාදේශ පිල පළමු ඉනිම සඳහා කඩුළු 8ක් දැවී ලකුණු 220 ක් ලබා සිටි අතර අද උදෑසන බංග්ලාදේශ පිලේ පළමු ඉනිම ලකුණු 247කට සීමා කරමින් සෙසු කඩුළු දෙකද දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
පළමු දිනයේ තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ නායකයා තීරණය කළ අතර අද පළමු දිනයට තරගය නිමා වන විට ඔවුන් කඩුළු 8 ක් දැවී ලකුණු 220 ක් ලබා සිටියේය. අද දිනය පුරාවට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් තරගයේ පාලනය තමන් නතු කර ගැනීමට සමත්වීම විශේෂත්වයකි.
කාසියේ වාසිය බංග්ලාදේශයට
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (25) පැවැත්වෙයි.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගය හෙට කොළඹ දී ඇරඹෙයි
අද (24) සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පැවසුවේ හෙට තරගය සඳහා මේ වන විට ක්‍රීඩකයින් 12 දෙනෙකු තෝරා ඇති බවත් වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමගින් තරග වැදීමට සැලසුම් කර ඇති බවත්ය. මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා පැවසුවේ නවක ක්‍රීඩක සොනාල් දිනූෂට හෙට දිනයේ දී බොහෝ දුරට ටෙස්ට් වරම් හිමිවීමට ඉඩ ඇති බවයි.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරයි
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද නිමාවුණේ ජය පරාජයෙන් තොරවයි.
ක්‍රීඩා ලෝලීන්ට ආචාර කරමින් මැතිව්ස් ටෙස්ට් පිටියට සමු දෙයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමින් සිව්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමු දෙනු ලැබීය.
ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක් හිමිවිය.
ශ්‍රී ලංකා පළමු ඉනිම 485ට සීමාවෙයි
ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 485ක් රැස්කිරීමට සමත් විය.
පැතුම්ගේ සුපිරි ඉනිමෙන් සියලු ගෞරව ශ්‍රී ලංකාවට
පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය.
වසර 29කට පසු ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකාව සිදුකළ වෙනස
ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම දකුණත් පිතිකරු දෙපළක් වූ පැතුම් නිස්සංක හා නවක ක්‍රීඩක ලහිරු උදාර විසින් අද (19) ආරම්භ කළේය.
පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවන ශතකය රැස්කිරීමට පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර සමත් විය.
බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 495කට සීමාවෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 495ක් ලබා ගත්තේය.
වැස්සෙන් පසු බංග්ලාදේශය අසරණ වෙයි
ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනට තරගය නතරකරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 484ක් රැස්කරගෙන සිටියේය.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයට වැස්සෙන් බාධා
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
ගාල්ලේ පළමු දිනයේ වැඩි වාසිය බංග්ලාදේශයට
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇරඹි පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුළු 3කට ලකුණු 292 ක් ලබා ගනිමින් පළමු දිනයේ වැඩි ගෞරව අත්පත් කරගන්නට බංග්ලාදේශ පිලට හැකිවී තිබේ.
කාසියේ වාසිය බංග්ලාදේශයට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද ඇරඹෙයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි.
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය අද (15) පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය.
ටෙස්ට් පිටියේ ප්‍රබල රටවල් 2ක් ශ්‍රී ලංකා තරග සැලැස්මේ නෑ
ICC ටෙස්ට් ලෝක කුසලානයේ මීළඟ අදියර වන 2025 - 2027 තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඔස්ට්‍රේලියාව හෝ එංගලන්තය සමග තරගාවලියක් සැලසුම් කර නොමැති බව වාර්තා වේ.
ICC ටෙස්ට් ලෝක ශූරතාව දකුණු අප්‍රිකාවට
ලෝක ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය කඩඉමක් සනිටුහන් කරමින් මෙවර (2023-2025) ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාව දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (14) සමත් විය.
දකුණු අප්‍රිකානුවෝ ඓතිහාසික ටෙස්ට් ජයක් අබියස
ICC ටෙස්ට් ලෝක ශූරතා අවසාන මහා තරගයේ සිව්වන දිනය අදයි. තරගයේ සිව්වන ඉනිම ක්‍රීඩා කරමින් පන්දුවට පහර දෙමින් සිටින දකුණු අප්‍රිකානුවන්හට ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගැනීමට ඇත්තේ තවත් ලකුණු 69 ක් පමණි. ඒ වෙනුවෙන් ඔවුන් සිටින්නේ කඩුළු 8 ක් අතැතිව ප්‍රබල ස්ථානයකය.