ක්‍රීඩා ලෝලීන්ට ආචාර කරමින් මැතිව්ස් ටෙස්ට් පිටියට සමු දෙයි

ක්‍රීඩා ලෝලීන්ට ආචාර කරමින් මැතිව්ස් ටෙස්ට් පිටියට සමු දෙයි

June 21, 2025   05:33 pm

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමින් සිව්වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමු දෙනු ලැබීය.

පුරා දශක එකහමාරකට අධික කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබේ.

එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති මැතිව්ස් ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45කට හිමිකම් කියනු ලබයි.

මෙම තරගය ආරම්භයට ප්‍රථම සිය ටෙස්ට් සමුගැනීම ප්‍රකාශයට පත් කළ මැතිව්ස් මීට සුළු මොහොතකට පෙර ගාලු ක්‍රීඩා ලෝලීන්ට සිය ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට සමු දෙනු ලැබීය.