බදුල්ලේදී බස් රථයක් පෙරළීමෙන් තිදෙනෙකු මරුට
June 21, 2025 06:27 pm
UPDATE - බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් අද (21) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තඹුත්තේගම සිට බදුල්ල දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් පැවති බස් රථයකි.
ඔවුන් තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවද වාර්තා වේ.
අනතුර අද සිදුව ඇත්තේ පස්වරු 06ට පමණය.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බදුල්ල පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
---------------------
UPDATE - බදුල්ල - දුන්හිඳ වංගු දෙක ආසන්නයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
---------------------
බදුල්ල - මහියංගනය මාර්ගයේ 04 කණුව ප්‍රදේශයේ බදුල්ල දුන්හිඳ වංගු දෙක ආසන්නයේ බස් රථයක් පෙරලී ගොස් තිබේ.
අනතුරින් පුද්ගලයින් 25කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.