ශ්‍රී ලංකා පළමු ඉනිම 485ට සීමාවෙයි
June 20, 2025 01:39 pm
බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සියලු දෙනා දැවී ලකුණු 485ක් රැස්කිරීමට සමත් විය.
මේ හේතුවෙන් බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 10ක් පසුපසින් ශ්‍රී ලංකා ඉනිම අවසන් විය.
තරගයේ සිව්වන දිනට අද (20) උදෑසන තරගය ආරම්භකරන විට ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය.
කෙසේ නමුත් ඉනිමට තවත් ලකුණු 117ක් පමණක් එක්වද්දී ඉතිරිව තිබූ කඩුලු 6 දවාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නයීම් හසන් ලකුණු 121කට කඩුලු 5ක් දවාගත්තේය.
ඊට අමතරම ආරම්භක පන්දු යවන්නා වූ හසන් මහමුද් කඩුලු 3ක් දවාගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු ලකුණු 74ක් ලබා දුන්නේය.
ශ්‍රී ලංකා මැදපෙළ ඔසවා තැබූ කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් රැස්කිරීම හැරෙන්න කිසිඳු පිතිකරුවෙකුට අර්ධ ශතක ඉනිමක් ගොඩනැගීමට නොහැකි විය.
කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 5කට සීමා වූ අතර, පසුපෙළ පිතිකරුවෙකු වූ මිලාන් රත්නායක පන්දු 83කට මුහුණදෙමින් ලකුණු 39ක් රැස්කිරීමටද සමත් විය.
ඔහු කමිඳු මෙන්ඩිස් සමගින් 7වන කඩුල්ලට ලකුණු 84ක වටිනා සබඳතාවක් ගොඩනැගීමටද කටයුතු කළේය.