ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක්
June 21, 2025 03:15 pm
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක් හිමිවිය.
බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 285ක් මීට සුළු වේලාවකට පෙර සිය දෙවන ඉනිම අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකාවට මෙම ඉලක්කය හිමිවිය.
ඒ අනුව තරගයේ අවසන් දිනය වන අද එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට නම් පන්දුවාර 37ක් ඉතිරිව තිබේ.
බංග්ලාදේශ දෙවන ඉනිම වෙනුවෙන්ද නායකත්වයෙන් ඉනිමක් ක්‍රීඩාකළ නජ්මුල් හුසේන් ශන්ටෝ ඉනිම අත්හිටුවන විටත් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 125ක් රැස්කරගෙන සිටියේය.
ඔහු පළමු ඉනිමේද ලකුණු 148ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තරිඳු රත්නායක ලකුණු 102කට කඩුලු 3ක් දවාගත්තේය.