ශ්‍රී ලංකාව ඉනිමක ජයක් පෙනෙන මානයේ

ශ්‍රී ලංකාව ඉනිමක ජයක් පෙනෙන මානයේ

June 27, 2025   07:11 pm

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ පිල අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

අද දිනයට තරගය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ පිල කඩුළු 6ක් දැවී ලකුණු 115ක් ලබා දැඩි අසීරු අඩියකට පත්ව සිටියේය. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 458ක් ලබා ගන්නට සමත්වූයේය. එහිදී නැවත වරක් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 158ක් වාර්තා කිරීමට සමත්වීම විශේෂත්වයකි.

ලකුණු 211ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශ පිල, තෙවැනි දිනයට තරගය අද දින අවසන් කරන විට කඩුළු 6ක් දැවී ලකුණු 115ක් ලබා සිටි අතර ඉනිමක පරාජයකින් බේරීමට නම් තවත් ලකුණු 96ක් ඔවුන්ට ලබා ගත යුතුව ඇත. ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඉතිරිව ඇත්තේ කඩුළු 4ක් පමණි.

හෙට තරගයේ සිව්වන දිනයයි.