ඉන්දුනීසියාවේ නායයෑමෙන් 11ට දිවි අහිමි වෙයි - 12ක් තවමත් අතුරුදන්

ඉන්දුනීසියාවේ නායයෑමෙන් 11ට දිවි අහිමි වෙයි - 12ක් තවමත් අතුරුදන්

November 16, 2025   05:02 pm

ඉන්දුනීසියාවේ ජාවා පළාතේ පසුගිය 14 වනදා සිදුවු නායයෑමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් සනාථ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.

අතුරුදන්වු පුද්ගලයින් සෙවීම සඳහා එරට ආපදා කළමනාකරණ අංශ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතී

කැනීම් යන්ත්‍ර 21ක්, ආධාරක මෙවලම් 17ක් ඇතුළුව පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් අදාල සෝදිමෙහෙයුම් සඳහා එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.