නව ⁣මහකොමසාරිස්වරු, තානාපතිවරු සහ විදෙස් ඇමති අතර සාකච්ඡා

නව ⁣මහකොමසාරිස්වරු, තානාපතිවරු සහ විදෙස් ඇමති අතර සාකච්ඡා

November 16, 2025   05:46 pm

සියලු විදේශ ආයෝජන සුරක්ෂිත කිරීමට අණ පනත් ලඟදීම පාර්ලිමේන්තුවේ සම්මාත කරන බැවින් බියෙන් සැකෙන් තොරව ශ්‍රී ලාංකා ආයෝජනය කළ හැකි බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසා තිබේ.

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා වෙත අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව කැනඩාව, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 05ක නව ⁣මහකොමසාරිස්වරු සහ තානාපතිවරු අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යාංශයේ දී මුණ ගැසී සාකච්ඡා කළ අවස්ථාවේ දීය.

ශ්‍රී ලංකාවේ තානාපති වශයෙන් පැමිණීමට ලැබීම තමන් ලද භාග්‍යක් ලෙස සලකන බව ඕස්ට්‍රේලියානුනව මහකොමසාරිස්  Mathew John Duckworth මහා අමාත්‍ය විජිත හේරත් මුණගැසුනු අවස්ථාවේ පවසා ඇත.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ මෙම වාසනාවන්ත රටෙහි සුන්දර ස්ථාන නැරඹීමට හා ශ්‍රී ලාංකික ජනතාවගේ ආගන්තුක සත්කාර ලැබීම සතුටක් බවත් ඕස්ට්‍රේලියාව හා ලංකාව අතර නව ආයෝජන දියුණු කිරීමටත් දෙරට අතර පවතින වෙළඳාම වැඩි දියුණු කිරීමටත් තමා බලාපොරොත්තුවන බවත්ය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා කිරීමට බලාපොරොත්තුවන බවත් නව තානාපතිවරයා දැනුම් දී තිබේ.

ලංකාවට පැමිණි දින සිට Mathew John Duckworth මහතා විවිධ ප්‍රදේශවල සැරිසරමින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳව යූ ටියුබ් නාලිකා අන්තර්ගත නිර්මාණය කිරීම පිළිබඳව අමාත්‍යවරයා පැසසුමට ලක්කර ඇත.

ඔහුගේ එම ක්‍රියාව තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මහගු පිටිවහලක් වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින්ට හිතකර ආයෝජන විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ පවතින බවත් ඒ සඳහා ඔවුන් දිරිගන්වන ලෙසත් අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය. 

මීට අමතර පසුගියදා අක්තපත් භාර දුන කැනේඩියානු නව මහකොමසාරිස් Isabelle Martin මහත්මිය, නෙදර්ලන්ත නව ශ්‍රී ලංකා තානාපති ලෙස අක්තපත්‍ර භාරදුන්  Wiebe Jakob de Boer මහතා සම ඇල්ජීරියාවේ නව තානාපති Abdenor KHELIF සහ නව දිල්ලියේ වෙසෙන ශ්‍රී ලංකාව සඳහා අයිස්ලන්ත නව තානාපති ගරු Bendikt Hoskuldsson මහතා ද අමාත්‍ය විජිත හේරත් මහතා මුණගැසී සාකච්ඡා කර තිබේ.