අභාවප්රාප්ත දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා
November 16, 2025 05:41 pm
අභාවප්රාප්ත දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්ර මහතාගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා (18) ගාල්ල සමනල ක්රීඩාංගනයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ඔහුගේ දේහය අද (16) සවස 2.00 සිට හෙට සවස 2.00 දක්වා කොළඹ පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන අතර පසුව හෙට (17) සවස මහජන ගෞරවය සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර නිල නිවෙස වෙත රැගෙන ඒමට නියමිතය.
ඉන්පසුව අඟහරුවාදා (18) ගාල්ල සමනල ක්රීඩාංගනයේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.
