නළයක් තුළ හෙරොයින් පුරවා රැගෙන යමින් සිටි අයෙක් අත්අඩංගුවට

නළයක් තුළ හෙරොයින් පුරවා රැගෙන යමින් සිටි අයෙක් අත්අඩංගුවට

August 21, 2025   04:42 pm

නළයක් තුළ සඟවා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කළුතර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් සමත් විය.

පොලීසිය සඳහන් කළේ සැකකරු කිසියම් පුද්ගලයකුට ලබාදීම සඳහා මෙලෙස නළයක් තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය පුරවා රැගෙන යන බවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකළ බවය. 

එහි වටිනාකම රුපියල් කෝටි 2ක් පමණ වන බවද නිලධාරීන් සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩා පයගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ නළය පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 175ක් සොයාගත් බවද පොලීසිය පැවසීය.

මුහුදු මාර්ගයෙන් බෝට්ටුවලින් රැගෙන ආ මත්ද්‍රව්‍ය මෙලෙස තොග වශයෙන් බෙදාහැර ඇති බවට සැකකරුගේ ප්‍රකාශවලින් අනාවරණය වෙන බවත් පොලීසිය පවසයි.