චීන මහජන ප්‍රතිරෝධ යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය
August 21, 2025 05:28 pm
ජපන් ආක්‍රමණයට සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයට එරෙහි චීන මහජන ප්‍රතිරෝධ යුද්ධය ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සැමරීම ඊයේ (20) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.
ඒ, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
එම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්විය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්,
"චීනය හා ශ්‍රී ලංකාව ආසියානු සේද මාර්ගය පැවැති සමයේ පටන් නොවෙනස් මිතුදමක් පවත්වාගෙන යනවා. තීරයක් සහා මාවතක් වැඩසටහන යටතේ ඉහළ මට්ටමේ සහයෝගීතාවයක් පවත්වා ගැනීමට අප දෙරට ඉතා සමීපව කටයුතු කරනවා."
"වරායේ ප්‍රගතිය, කොළඹ වරාය නගරයේ නැගී සිටීම වගේම සම්බන්ධතා, යටිතල පහසුකම් හා සංස්කෘතික හුවමාරු ඔස්සේ චීන ශ්‍රී ලංකා රජයන් අතර සුබදායි අනාගතයක් උදෙසා, සබඳතාවල නව පරිච්ඡේදයක් උදාවී තිබෙනවා. සහයෝගීතාවයෙන් මෙම නව පරිච්ඡේදය අතීතය වෙනුවෙන් උපකාර වනවා. සාමය උදෙසා ශක්තිමත් පදනමක් තුළින් ශ්‍රී ලංකාවේ අනාගතය වඩාත් දීප්තිමත් කරලීමට හැකියාවක් පවතිනවා."