නැදිමාල සිද්ධියේ වෙඩික්කරු කොටුවෙයි

නැදිමාල සිද්ධියේ වෙඩික්කරු කොටුවෙයි

May 27, 2025   05:07 pm

දෙහිවල පොලිස් වසමේ නැදිමාල ප්‍රදේශයේදී ඉකුත් 19 වනදා වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට තැත්කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකාර වෙඩික්කරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 160ක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

තවද ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 350ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 38 හා 43 යන වයස්වල පසුවන දෙහිවල හා මිහින්තලය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.