පුංචි ඡන්දයේ ඇප තැන්පත් කිරීමේ වාර්තාව
March 9, 2025 08:19 am
2025 පළාත් පාලන මැතිවරණය සඳහා මෙතෙක් ඇප තැන්පත් භාරදුන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් ව ඇත්තේ පසුගිය 03 දිනෙන් ආරම්භ වූ ඇප තැන්පත් භාර ගැනීමේ ක්‍රියාවලිය අනුව පෙරේදා (07) පස්වරු 4.15 දක්වා කාලය තුළ පළාත් පාලන ආයතන 168ක් සඳහා ඇප තැන්පත් කිරීම් සිදුව ඇති බවය.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 18ක් සහ ස්වාධීන කණ්ඩායම් 57ක් එම පළාත් පාලන 168ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර ඇත.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී සැලකිය යුතු පළාත් පාලන ආයතන ප්‍රමාණයක බලය ලබා ගැනීමට හැකිවනු ඇති බව සමගි ජනබලවේගයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.
ඔහු පවසන්නේ කොළඹ මහ නගර සභාවේ බලය හිමිකර ගැනීම සඳහා මේ වනවිටත් සූක්ෂම වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය.
පසුගිය මැතිවරණවල දී ජාතික ජනබලවේගය හා එක්වූ බොහෝ දෙනෙකු සත්‍ය අවබෝධ වීමෙන් පසු යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වී ඇති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණයෙන් පසු විපක්ෂයේ පක්ෂ සෝදා පාළුවට ලක්වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කළේය.