අමුතු ලෝක වාර්තාවකට රෝහිත් සැරසෙයි
March 9, 2025 05:44 pm
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ අඛණ්ඩව වැඩිම වාර ගණනක් කාසියේ වාසිය පරාජය වූ නායකයා බවට පත්වීමේ ලෝක වාර්තාව පිහිටුවීමට ඉන්දීය නායක රෝහිත් ශර්මා සැරසෙයි.
ඩුබායිහිදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (9) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී රෝහිත් කාසියේ වාසිය පරාජය වූ අතර, එය ඔහු එක්දින තරගවලදී කාසියේ වාසියඅඛණ්ඩව පරාජය වූ 12වන තරගයයි.
ඒ අනුව රෝහිත් ජාත්‍යන්තර එක්දින පිටියේ අඛණ්ඩව වැඩිම තරග සංඛ්‍යාවක් කාසියේ වාසිය පරාජය වූ බ.ඉ. කොදෙව් හිටපු නායක බ්‍රයන් ලාරා හා සමතැන් ගත්තේය.
මේ අතර මෙය පිරිමි එක්දින තරගවලදී ඉන්දියාව ද කාසියේ වාසිය අඛණ්ඩව පරාජය වූ 15වන අවස්ථාවයි.
ඔවුන් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහි අවසන් පූර්ව තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසු මේ දක්වා ක්‍රීඩාකළ සෑම තරගයකදීම කාසියේ වාසිය පරාජය වී ඇත.
ඒ අනුව ඔවුන් දැනටමත් කාසියේ වාසිය අඛණ්ඩව පරාජය වූ රටට හිමි වාර්තාව තමන් සතුකරගෙන සිටියි.
මෙහි දෙවන ස්ථානය පසුවන්නේ නෙදර්ලන්තයයි.
ඔවුන් 2011- 2013 කාලසීමාවේ අඛණ්ඩව තරග 11ක් කාසියේ වාසිය පරාජය වී ඇත.