මිනිස් ඇටකටු තොගයක් බහලු උරයක් මාවනැල්ල හිගුල් ඔයෙන් හමුවෙයි
March 8, 2025 05:49 pm
ඕවත්ත පාර හිඟුල ප්‍රදේශයේ හිඟුල් ඔය ඉවුරේ තිබී මිනිස් සිරුරු කිහිපයක බවට සැක කළ හැකි අස්ථි කොටස් තොගයක් අද (08) හමුව තිබේ.
බෑගයක බහා තිබූ එහි හිස් කබල් දෙකක් හා සිරුරු කිහිපයක බවට සැක කල හැකි අස්ති කොටස් තොගයක් ද තිබුණු බව මාවනැල්ල පොලීසිය පැවසීය.
එම ප්‍රදේශයේ පුද්ගලයෙක් සිය ඔයට දෙසට ගිය අවස්ථාවාවේ මෙම අස්ථි කොටස් බහා තිබූ උරය හමුවි පොලීසිය වෙත දන්වා තිබේ.
කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන ඒකකයේ නිලධාරින් විසින් ස්ථානිය පරික්ෂණ පවත්වන ඇතර මාවනැල්ල පොලිස් ස්ථානාධිපති ලසන්ත කලුආරච්චි මහතාගේ නියෝග මත අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් විමර්ශන පවත්වති.
හිස්කබල් දෙක සහ ශරිර කොටස් කෑගල්ල ශීක්ෂණ රෝහලේ වෙත රැගෙන යාමටද මාවනැල්ල වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.