නිල් මහ සටනේ ජය සාන්න තෝමස් විද්‍යාලය ට

නිල් මහ සටනේ ජය සාන්න තෝමස් විද්‍යාලය ට

March 8, 2025   05:29 pm

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්න තෝමස් විද්‍යාලය අතර පැවැති 146 වැනි නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය කඩුලු  05කින් ජය ගැනීමට සාන්න තෝමස් විද්‍යාලය අද (08) සමත් විය.

මෙම තරග තෙදිනක් පුරාවට කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවත් විණි.

මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම මහ ක්‍රිකට් තරගය වන 146වැනි නිල් මහ සටන ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 319ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගල්කිස්ස සාන්න තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 302කි.

ලකුණු 17ක් ඉදිරියෙන් සිට සිය දෙවන ඉනිම ඇරඹූ කොළඹ රාජකීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 215ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවේ ගල්කිස්ස සාන්න තෝමස් විද්‍යාලයට ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාදෙමිනි.

සුපිරි පන්දුයැවීමක නිරත වූ ගල්කිස්ස සාන්න තෝමස් විද්‍යාලයේ ඩේරියන් දියේගෝ අද කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ අතර ඔහු ලකුණු 40කට කඩුලු 5ක් දවා ගත්තේය.

ලකුණු 233ක ඉලක්කයක් හඹාගිය ගල්කිස්ස සාන්න තෝමස් විද්‍යාලය 3වැනි දිනය නිමාවන විට කඩුලු 5ක් දැවී නිල් මහ සටන ජය ගැනීමට වුණි.