ජැෆ්නා සුපිරි ජයක් ලබයි

ජැෆ්නා සුපිරි ජයක් ලබයි

July 3, 2024   06:34 pm

LPL ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල සික්ස්සර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර අද (03) පැවැති තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කණ්ඩායම සමත් විය.

තරගය පැවැත්වුණේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ය.

තරගයේ කාසියේ වාසිය දිනු ජැෆ්නා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව දඹුල්ල කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 191ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 197ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

මෙහිදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා නොදැවී පන්දු 52ක් තුළ ලකුණු 102ක් රැස් කළේය.

ඊට 4 පහර 10ක් සහ 6යේ පහර 05ක් ඇතුළත් විය.

LPL තරග ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායමේ කුසල් ජනිත් එලෙස අද සමත්වුණි.