දකුණු පළාතට සුහුරු පන්ති කාමර 200ක් සහ ටැබ් 2000ක්

දකුණු පළාතට සුහුරු පන්ති කාමර 200ක් සහ ටැබ් 2000ක්

July 6, 2024   11:45 am

දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය යටතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සුහුරු පංති කාමර 200ක් හා ටැබ් පරිගණක 2000ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදී අද (06) සිදු කෙරුණි.

දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතියට වැය කර ඇති මුදල රුපියල් මිලියන 300කි.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ඉල්ලීම මත ඉන්දීය සහයෝගිතාව ඇතිව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.