තවත් බස් අනතුරකින් 09ක් රෝහලේ

තවත් බස් අනතුරකින් 09ක් රෝහලේ

July 6, 2024   11:31 am

බැද්දවෙල සිට බණ්ඩාරවෙල දක්වා ගමන් ගත් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හල්පේ ප්‍රදේශයේදී අනතුරට ලක්වී තිබේ.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ හෝටලයක තාප්පයේ ගැටී ඇත.

බස් රථයේ කාර්මික දෝෂයක් නිසා අනතුර සිදුවන්නට ඇති බවට සැක කෙරෙයි.

අනතුරින් තුවාල ලැබූවන් දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරුවන් අතර කාන්තාවන් 04 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 
05 දෙනෙකු සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ඇල්ල පොලීසිය විසින් සිදුකරයි.