බස් දෙකක් එකිනෙක ගැටී 15කට තුවාල

බස් දෙකක් එකිනෙක ගැටී 15කට තුවාල

July 1, 2024   08:44 am

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

තුවාලකරුවන් මේ වනවිට වතුපිටිවල සහ වරකාපොළ රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.