ගුරු - විදුහල්පති වෘත්තීය සමිති රජයට කල්දෙයි

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති රජයට කල්දෙයි

July 2, 2024   09:42 pm

තම ඉල්ලීම් ලැබෙන තුරු සටන අත්නොහරින බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසයි.

අද (02) දිනයේ පැවති උද්ඝෝෂණය පාසල් වේලාවෙන් පසුව පාසල් ඉදිරිපිට සිදුකළ ද තම ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් පාසල් වේලාව තුළ උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කරන බව එම වෘත්තීය සමිති සඳහන් කළේය.

ඒ අනුව එළැඹෙන සිකුරාදා දිනයේ සියලු වෘත්තීය සමිති කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔවුන් සඳහන් කළේය.

වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලධාරීන්ට බලකරමින් ගුරුවිදුහල්පති වෘත්තීය සමිති පසුගිය දින කිහිපය පුරාම විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූ අතර ඔවුන් අද දිවයින පුරා පාසල් ඉදිරිපිට ‍උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත වුණි.