වතු නිවාස පේළියක ගින්නක් - දෙදෙනෙක් මරුට

වතු නිවාස පේළියක ගින්නක් - දෙදෙනෙක් මරුට

July 3, 2024   06:26 am

යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළිය ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අද (03) අලුයම මෙම ගින්න හට ගෙන ඇති බවය.

ගින්නෙන් පළමු වතු නිවාසයේ රැඳී සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 50 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ගින්නෙන් වතු නිවාස 03 කට හානි සිදුව ඇති ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය.