තෙරපීමෙන් මියගිය ගණන 116ක් දක්වා ඉහළට

තෙරපීමෙන් මියගිය ගණන 116ක් දක්වා ඉහළට

July 2, 2024   10:15 pm

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුරදී ඇති වූ තදබදයෙන් මියගිය ගණන 116ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පිරිසෙන් බහුතරයක් කාන්තාවන් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ආගමික උත්සවය අවසන් වීමත් සමග පැමිණ සිටි පිරිස එකවර පිටවීමට උත්සාහ කිරීමේ දී මෙම තදබදය ඇතිව තිබේ.

කෙසේවෙතත් ප්‍රාන්ත මහ ඇමති ආදිත්‍යනාත් මහතා සඳහන් කර ඇත්තේ, මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ලක්ෂ 2ක වන්දියක් ලබාදෙන බවත් තුවාල වු පිරිසට රු 50,000ක මුදලක් ලබාදෙන බවත්ය.

මේ වනවිටත් තුවාලකරුවන් රෝහල්ගත කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.