17 හැවිරිදි සිසුවෙක් දියේ ගිලී අතුරුදන්

17 හැවිරිදි සිසුවෙක් දියේ ගිලී අතුරුදන්

July 1, 2024   07:52 am

දියේ ගිලී අවුරුදු 17ක සිසුවෙක් අතුරුදන් වී තිබේ.

ඊයේ (30) සවස ගල්කිස්ස වෙරළ තීරයේ දියනාමින් සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු අතරින් තිදෙනෙකු දියවැලකට හසු වී ගසාගෙන ගොස් ඇත.

එම අවස්ථාවේ දී ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි නාවික හමුදා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් දෙදෙනෙකුව බේරාගෙන තිබේ.

නමුත් එක් අයෙකු දියේ ගිලි අතුරුදන් වී තිබේ.

අතුරුදන් වී ඇත්තේ 17 හැවිරිදි අබේසේකර මාවත, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතුරුදන් වු සිසුවා සොයා මේ වන විට ‌මෙහෙයුමක් දියත් කර ඇති අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.