ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

July 1, 2024   07:23 am

සේවා ව්‍යවස්ථාවක් ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද (01) දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි ජාතික සංවිධායක සුමිත් කොඩිකාර මහතා පැවසුවේ, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ එම සාකච්ඡාවට පැවැත්වීමට නියමිත බවය.

කෙසේවෙතත් අදාළ සාකච්ඡාවෙන් සිය ගැටලුවලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ද සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේය.