ආරක්ෂාව...

ආරක්ෂාව...

March 29, 2024  

Bookmark and Share
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සහ කුරුස ගසේ දිවි පිදීම සිහි කරන්නාවූ මහා සිකුරාදා දිනය අදට (29) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් ඇතුළු ලොව පුරා කිතුනුවන් අද ආගමික වැඩටසහන්වල නිරත විය.

මේ අතර, මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

දිවයින පුරා පිහිටි කිතුණු දේවස්ථාන 2,978 කින් දේවස්ථාන 2,230ක පාස්කු දේව මෙහෙයන් පැවැත්වෙන අතර ඊට ආරක්ෂාව සපයන්නේ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධවය.

ඒ සඳහා පොලිස් නිලධාරීන් 6,837ක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 464 ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,882 ක් යොදවා තිබේ.

ඉහත දැක්වෙන්නේ ආරක්ෂාව සපයා තිබූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයකි.