ත්‍රීපෝෂ තොගය බදුල්ලට ගෙනයයි

ත්‍රීපෝෂ තොගය බදුල්ලට ගෙනයයි

December 5, 2016   01:17 pm



කොටගල දුම්රිය ස්ථානයේ අතහැර දමා  තිබූ  ත්‍රිපෝෂ තොගය අද දුම්රියක් මගින් බදුල්ල ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.

 අද දෙරණ වාර්තාකරු පැවසුවේ ත්‍රි පෝෂ ටොන් 25ක පමණ තොගයක් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මැදිරි දෙකක් තුළ ගබඩා කර තිබූ බවයි.

එම ත්‍රි පෝෂ තොගය මේ මාසය තුළ කල් ඉකුත්වීමට නියමිත ඒවා බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දුම්රිය ගමනා ගමන අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේ අදාළ ත්‍රිපෝෂ තොගය ප්‍රවාහනය අතරමග ඇණ හිටීම දුම්රිය දෙපාර්තමේන්තුවේ වරදක් නොවන බවයි.

අදාළ ත්‍රි පෝෂ තොගය බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය වෙත යැවීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වුවද ත්‍රි පෝෂ සමාගමේ සභාපති ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා සඳහන් කළේ තමන්ට ඒ සම්බන්ධයෙන් වගකීමක් නොමැති බවයි.

ඒ පිළිබඳ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් විමසන ලෙස ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට අද දෙරණ දැරූ උත්සහය සාර්ථක වූයේ නැත.