චීන ජනපති අමෙරිකාවට හොඳ හිත පෙන්වයි

චීන ජනපති අමෙරිකාවට හොඳ හිත පෙන්වයි

April 26, 2024   03:43 pm

චීනය සහ අමෙරිකාව, "ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතු" බව චීන ජනාධිපති ෂී ජින්පින් පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සමග පැවති හමුවකදීය.

එම හමුව අද (26) චීනයේ බීජිං නුවරදී පැවැත්වුණි.

චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ එකිනෙකාට අන්‍යෝන්‍ය ගෞරවය දැක්වීම, සාමකාමී සහජීවනය සහ දෙපාර්ශ්වයටම වාසිදායක සහයෝගීතාවය පවත්වාගෙන යෑම දෙරටේ සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට වැදගත් ප්‍රධාන ප්‍රතිපත්ති ත්‍රිත්වය වියයුතු බවය.