මාරක අනතුරු කිහිපයක්

මාරක අනතුරු කිහිපයක්

May 7, 2024   07:36 am

ගෙවී ගිය පැය 24ක කාලය තුළ සිදුවූ රිය අනතුර කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (06) එම අනතුරු සිදුව තිබුණේ නිට්ටඹුව, වලපනේ, කිලිනොච්චිය සහ මත්තේගොඩ යන පොලිස් වසම්වල බවය.

වලපනේ, නිල්දණ්ඩාහින්න, කලගන්නවත්ත පටු වංගු සහ බෑවුම් සහිත මාර්ගයේ මාලිගාතැන්න ගල්පොත්ත ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් 31 හැවිරිදි පුද්ගලයෙකු ජීවිත්ෂයට පත්ව ඇත.

බෑකෝ යන්ත්‍රයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මීටර් 09ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් එම අනතුර සිදුව තිබිණි.

මේ අතර මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ පරන්තන් ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ වම් පසින් ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබිණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, නෙලුම්කුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

මේ අතර මත්තේගොඩ, කිරිගම්පමුණුව, සල්ගස් හන්දිය ප්‍රධාන මාර්ගයේ මත්තේගොඩ නගරය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් 69 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි පදික කාන්තාවකතේ ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

මේ අතර කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව නගරයේදී වෑන් රථයක් පදික මාරුව හරහා ගමන් ගත් කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබිණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තව වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, වැලිකඩමුල්ල, අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවකි.